Sunday, July 28, 2013

පෙම්වත් වනරොද ඔහුගේ නම් වෙද



තණබිම් ඉද්දර
අහඹුව නැවතුනු
වන ගුල්මෙක අස
නැවතී හුන්නා

තුරුගොමු අතරින්
ලියවැල් නටමින්
වෙලේවි බඳ වට
හවසක ඇවිදින්


හිතමින් උන්නා
පතමින් උන්නා
අත් අල්ලාගෙන
යනතුරු කැන්දා

අහසට පෙමිනා
ඉහලට ඇදුනා
මිස තුරු අගිනා
බැල්මන් නොහුනා

දඩයක්කරුවෝ
දරමිටි කැපුවෝ
වනයට ඇදුනෝ
වනයෙන් මිදුනෝ

අදරැති සෙනෙහෙන්
මහකල් ගෙවුනා
කිකලෙක වනරොද 
ඉම නොම පරයා

හමරැළි වැටුනා
පස තෙත සිඳුනා
සුසුමෙන් සුසුමට
සෙවනැලි ඇරුනා

රංගය අවසන
බැරි පය ඔසවා
පෙම් බැඳි අරණට
යන්නට සිතුනා

පියවර සුඟකට
එපිටහ පැත්තේ
මතකය වහගෙන
මියැදී වැටුනා

වනයට රිදුනා
හුනිද නොඅඟවා
ඊයේ විලසම
ඉහලට වැඩුනා

දඩයක්කරුවෝ
දරමිටි කැපුවෝ
වනයට ඇදුනා
වනයෙන් මිදුනා

4 comments:

  1. දුක හිතෙන කථාවක්......

    ReplyDelete
  2. මිනි කව්.ලස්සනයි සහෝ

    ReplyDelete
  3. එහෙම හරි වන රොදක් දැක ගන්නේ මේ පින්තුර වලින් තමයි කොළඹ ඉන්න අපිට. ලස්සන පද පෙල..

    ReplyDelete
  4. ලස්සනයි නිසඳස...

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...