Wednesday, December 19, 2012

අහස සඳ හා තරුව


අහස රෑ අඳුරේ
සඳ පුරා දුලලන සේ
එලි සිහිල යස සේ
නුඹ විදින අද දවසේ

සඳට පෙර පිපුනූ
නුඹ අහස් සිත ඇඳුනූ
රහස් පෙම් මිමිනූ
නිවි නිවී යලි දිලුනූ

හස සඳ වැළඳ
උන් අයුරු දැක මහද
තරු පැතුම් නොම පැරද
ඉමි අහස් කොන උවද

අහස් ලඳ කොමලී
සඳ උවද නෙත නොගැලී
අමාවක දවසක්
නේ යැයි සිතනු බොලඳී

නුඹ දකීදැයි නොදනී
තරු එදාටත් තිබෙතී
සඳ තරම් එලි නැතිදූ
තරු සදාකල් පවතී


2 comments:

  1. බොහොම අගේ ඇති කවියක්... තව දෙයක්.. තරුවකට තමන්ගේම එළියක් තියනවා.. හඳට නැහැ.

    ReplyDelete
  2. හඳකට වඩා මමත් ආසයි තරු වලට. අමාවක තිබුනත් කවදාවත් තරුවක් දිලෙන එක නවතින්නේ නෑ... හරිම ලස්සන කවි පන්තියක් අයියේ...

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...