Saturday, January 28, 2012

ගිනිගන්නට පෙර





හිරුට සිඹින්නට අහසේ කෙලවර
ඉවර නොමැති දිය කැඩපත් මුහුණේ
ගිනිගන්නට පෙර නුඹ ගැන මතකය
රළක් නැගේ මා අහසට ඔසවන

පුලින මැදුරු සමතල වී විසුලේ
රහස් ඇසූ සෙනෙහස් වෙරළේ
මතක අහුරු අඩි ගනිමු දිනෙක අපි
තිතක් නොලද අප පෙම් ගීයේ

සදාතනික පෙම් දිය කඳ ගැඹුරේ
මතුවෙන දවසක වෙරළ කොනේ
මුතු බෙලි පියනක නිදන්ව ඉනු ඇති
නො එන දිනෙක විවරව ආයේ




3 comments:

  1. ලස්සන අදහසක්...

    ReplyDelete
  2. ජීවිතය අල්ලකට ගන්න බැරි අදහස සිතුවිල්ලකට ගන්න පුළුවන්..ලස්සනයි

    ReplyDelete
  3. ලස්සන සිතුවමක්!කවියත් එක්ක ලස්සනට ගැලපෙනවා!

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...