Wednesday, July 6, 2011

මගේ අනිමිසය


නිසතු යුගයක
කෙවෙනි අයිනේ
නමට නුඹගේ
කඳුළු තිබුණත්

කඳුළ දෙපදෙක
රුවා රහසින
විලි දැරූමුත්
නොදිටි නුඹ නෙත්

මතක මාවත
ඉවුරු අයිනේ
නුඹට අවසඟ
වීය හද තත්

එවෙණ සොම්නස්
සෙනෙන් අදරින
වයන පන්සිළු
කුමරි අබිසෙස්

ළමැද සයනේ
නිදන සුවසේ
නුඹට අනිමිස
පුදමි මේ ලෙස්

ජීවිතය වී
දෝත් මලසුන
පිපුණ ආදර
කුසුම නිකෙලෙස්

6 comments:

  1. ලස්සන කවි පද ටික !!!!!

    ReplyDelete
  2. nice.like sigiri kurutu gee.

    ReplyDelete
  3. කවිය සිරා මචං.අනේ බං ෆන් ලව් ගැනත් ලියපංකො.කඳුළෙන් තොර ප්‍රේමයක් යන මැයෙන් කවියක් පබදින්න නොහැකිද??

    ReplyDelete
  4. ඕකෙ කොතනද කඳුලක් තියෙන්නේ...?හැමතැනම පුරාජේරුවනෙ තියෙන්නෙ.වෙලාවක දාන්නන්කෝ එහෙම එකකුත්

    ReplyDelete
  5. මම ආඛ්‍යානයට කැමතියි:)

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...