Saturday, June 18, 2011

කකුලු මාර්තා


උන්නේ තනියම
ඇල්ලුවෙ කකුලුවො
ඔරුවෙ තමා ගෙනාවෙ..

ඇදේට ඇවිදින
හින්දා දඩයම
දානව ඈ රබර් පටි..

ඉරිදට පල්ලියෙ
වැරදුන් නෑමයි
උදේට මාර්කට් එකේ..

මිනිහත් ගියාලු
දූ මැරුනෙ ගිලිලලු
නෑ හරි විස්තර මුකුත්...

කබරයො කොනහල
පුපුරන්න ඉදිමිල
තිබුනලු කඩොල් ලානේ...

එලාපු දැල් ටික
ගොඩ කල් තිබ්බා
පේන්න දැන් නෑ වගේ...

තොටුපල වැල්ලේ
ඇදේට ඇගෙ අඩි
නොතිබ්බ ගානයි අනේ...



    

3 comments:

  1. eaka amutuyi . amutu lassnaka tiyanawaa

    ReplyDelete
  2. ඇත්ත සිද්ධියක්ද මචං? මිනී මැරුමක් වෙන්නැති නේද?ඒත් ඉතිං ඒ ගෑනිව මරල කාටවත් ඇති පලේ මොකක්ද?

    ReplyDelete
  3. නෑ.මේක මගෙ හිතේ වෙච්ච දෙයක්.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...